පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය

පැල්මඩුල්ල ප්‍රදේශයේ දැනුම ගවේශනය කරන, පොත් හා පුවත්පත් පරිශීලනය කරන ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් පුස්තකාල සේවාවන් පවත්වාගෙන යන අතර, දැනට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් පහත පරිදි මහජන පුස්තකාල 03ක් නඩත්තු කරනු ලැබේ.

පුස්තකාලයේ නම ආරම්භ කරන ලද දිනය අයත්වන ශ්‍රේණිය
ශ්‍රීමත් ආර්.ප්‍රේමදාස අනුස්මරණ මහජන පුස්තකාලය, රිල්හේන, පැල්මඩුල්ල 1976-12-07 III ශ්‍රේණිය
ශ්‍රීමත් ජේ.ආර්.ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය, මාරපන 1987-07-02  
බණ්ඩාරනායක ගුණානුස්මරණ මහජන පුස්තකාලය, පාතකඩ, පැල්මඩුල්ල 1960-10-04 III ශ්‍රේණිය

 

පුස්තකාල සාමාජිකයින්, පොත් හා ක්‍රියාත්මක අංශ

 ශ්‍රීමත් ආර්.ප්‍රේමදාස අනුස්මරණ මහජන පුස්තකාලය  ශ්‍රීමත් ජේ.ආර්.ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය  බණ්ඩාරනායක ගුණානුස්මරණ මහජන පුස්තකාලය
පුස්තකාල සාමාජිකයින් (ක්‍රියාකාරි) - ළමා  200  25  100
පුස්තකාල සාමාජිකයින් (ක්‍රියාකාරි) - වැඩිහිටි  100  225  200
පුස්තකාල සාමාජිකයින් (සමස්ථ)   3678  935  1432
පුස්තකාල පොත්  13471  6036  6607
පුස්තකාල අංශ  බැහැර දෙන අංශය
විමර්ශන අශය
පුවත්පත් අංශය
ළමා අංශය
කියවීම් අංශය
පොත් බැඳුම් අංශය
 බැහැර දෙන අංශය
විමර්ශන අශය
පුවත්පත් අංශය
කියවීම් අංශය
පොත් බැඳුම් අංශය
 බැහැර දෙන අංශය
ළමා අංශය
පුවත්පත් අංශය
කියවීම් අංශය
පොත් බැඳුම් අංශය

 

 කියවීමට තබා ඇති පුවත්පත්

 ශ්‍රීමත් ආර්.ප්‍රේමදාස අනුස්මරණ මහජන පුස්තකාලය  ශ්‍රීමත් ජේ.ආර්.ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය  බණ්ඩාරනායක ගුණානුස්මරණ මහජන පුස්තකාලය
 දිනපතා පුවත්පත්
1. ලංකාදීප
සති අන්ත පුවත්පත්
2. අරුණ
3. ලංකාදීප 
 දිනපතා පුවත්පත්
1. දිවයින
 දිනපතා පුවත්පත්
1. දිවයින

 

 ජංගම පුස්තකාල සේවාවන් හා පාඨක සමාජ සේවාවන්

 ශ්‍රීමත් ආර්.ප්‍රේමදාස අනුස්මරණ මහජන පුස්තකාලය ශ්‍රීමත් ජේ.ආර්.ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය  බණ්ඩාරනායක ගුණානුස්මරණ මහජන පුස්තකාලය

ජංගම පුස්තකාල සේවාවන්

 01. ශ්‍රී රත්නාරාම පෙර පාසල - බෝපිටිය
02. ලක්මිණි පෙරපාසල - ගනේගම
03. මිතුරු මිතුරෝ සංසඳය
04. පැල්මඩුල්ල වැඩිහිටි නිවාසය
05. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
 පාඨක සමාජ සේවාවන් 

01. පොත් ප්‍රතිසංස්කරණ වැඩසටහන්
02. ඩෙංගු මර්ධන වැඩසටහන්
03. ශ්‍රමදාන කටයුතු
04. දන්සල් දීම
05. කියවීම් මාසය හා සාහිත්‍ය මාසය වෙනුවෙන් දියත්කර වැඩසටහන්

 01. පොත් ප්‍රතිසංස්කරණ වැඩසටහන්
02. පාඨකයින් අතර තරඟ පැවැත්වීම
03. ශ්‍රමදාන කටයුතු
04. පුවත්පත් කැපුම් එකතු කිරීම 
 01. පොත් ප්‍රතිසංස්කරණ වැඩසටහන්
02. ශ්‍රමදාන කටයුතු

 

පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය
- මුදල් ගෙවා සාමාජික අයදුම්පත ලබා ගැනීම.
- අයදුම්පත සම්පූර්ණකර පහත සඳහන් අයෙකු ලවා සහතික කරවා ගතයුතුය.
- පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී
- සාමදාන විනිශ්චයකාරවරයෙක්
-ප්‍රාදේශීය සභාවේ සභිකයෙක්
-රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියෙක්
-පාසල් අයදුම්කරුවකු නම් පංතිභාර ගුරුවරයා/ විදුහල්පත්වරයාගේ සහතිකය
- අයදුම්කරු ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පදිංචිකරුවකු, දේපල හිමියෙකු හෝ ස්ථිර රැකියාවක නියැලෙන්නෙකු විය යුතුය.
- සාමාන්‍ය සාමාජිකයෙකු සඳහා සාමාජික ගාස්තුව රු. 100.00කි. වාර්ෂිකව සාමාජිකත්වය අළුත් කිරීම සඳහා මුදල් ගෙවා ලබාගත් සාමාජික අයදුම්පතක් සමග රු. 30.00 ක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය.
- පාසල් සාමාජිකයෙකු සඳහා සාමාජික ගාස්තුව රු. 50.00කි. වාර්ෂිකව සාමාජිකත්වය අළුත් කිරීම සඳහා මුදල් ගෙවා ලබාගත් සාමාජික අයදුම්පතක් සමග රු. 15.00 ක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය.

පොත් බැහැර දීමේ ක්‍රමවේදය
- පුස්තකාල සාමාජිකයින් ලබාදෙන බලපත්‍රයෙන් එක් වරකට පොත් 02ක් බැහැර ගෙනයාමට අවසර හිමිවන අතර, බැහැර ගෙන යන පොත් සම්බන්ධව සාමාජිකයා වගකිව යුතුය.
- බැහැර ගෙනයන පොත් දින 14ක් තුළ නැවත පුස්තකාලයට භාරදිය යුතුය.
- පොත් බාරදීමට ප්‍රමාද වන එක් එක් දිනට වෙන් වෙන්ව දඩ මුදල් අයකරනු ඇත.